තුන්සර සිසිලස

දශක ගණනාවක සම්භාව්‍ය ස්වරාභිෂේකය සනිටුහන් කරන ප්‍රවීණ සංගීතවේදී ජගත් වික්‍රමසිංහයන්ගේ හෘදයාංගම හඬින්ද, නූතන සුභාවිත ගීත කලාවේ කෝකිලාවිය ශශිකා නිසංසලාගේ මියුරු ස්වරයෙන්ද, තාරුණ්‍යයේ ආකර්ෂණීයම සහ සංවේදීම හඬ මිහිඳු ආරියරත්නගේ භාවපූර්ණ ගායනයෙන්ද හැඩව...🎼 ප්‍රවීණ නිවේදක කැලුම් ශ්‍රීමාල්ගේ මනෝහර කථනයෙන් සහ තනු නිර්මාණවේදී සචී මධුරංග ප්‍රමුඛ වාද්‍ය වෘන්දයේ සජීවී නවතම නාද රටාවන්ගෙන් ඔපවත් වී දිගහැරෙන..🎼🎶 මීදුමෙන් බර වූ සංසුන් විල් තෙරෙක සුවය ගත සිතට රැගෙන එන, නොමියෙන මතකයන් අවදි කරන මනරම් සංගීතමය සන්ධ්‍යාවක් සජීවීව විඳගන්නට එක්වන්න

  • Date: 2026-08-22
  • Time: 18:30
  • Venue: Musaeus college auditorium
More Information

🎵 Musical Direction by Sachi Maduranga 🎤 Host: Kelum Srimal

What People Are Saying

Experiences shared by event lovers across Sri Lanka.